බස්නාහිර පළාතේ උපකාරක පන්ති සම්බන්ධ ගැටලුව සහ මොඩියුල සම්බන්ධ චක්‍රලේඛ තාවකාලික ව අත්හිටුවයි

tution-clasess

බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුභවතුන්ට සිය පාසලේ දරුවන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය තාවකාලික ව අත්හිටුවා තිබෙන බව කම්කරු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ආණ්ඩුකාරවරයාගේ නියෝගය පරිදි මෙම පියවර ගෙන ඇති බව සඳහන් වන අතර, පාසල් ගුරුවරුන්ට සිය පාසලේ දරුවන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කර ප්‍රතිපත්තිමය තීරණයකට එළඹෙන බව ද බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයේ සඳහන වන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය වෙත මේ බව අනාවරණ කරන ලදි.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අධ්‍යාපනය වෙනුවෙන් ගත යුතු ඉතා වැදගත් පරිපාලනයමය තීරණ තිබිය දී ඇතැම් අධ්‍යාපන බලධාරීන් මෙවැනි පියවර ගැනීම ගැටලු සහගත බවයි.

මේ අතර ගුරු කාර්යක්ෂමතා කඩඉම් වැඩසටහනට අදාළ මොඩියුල සම්බන්ධයෙන් ද පසුගිය 17 වෙනිදා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛය තාවකාලික ව අත්හිටුවා තිබෙනවා. පසුගිය කාලය තුළ ගුරු විදුහල්පති පාර්ශ්ව සමඟ මොඩියුල සම්බන්ධයෙන් ඇති කරගත් එකඟතා සියල්ල කඩ කරමින් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබූ බවයි. කෙසේ වෙතත් තමා මේ සම්බන්ධයෙන් රේඛීය අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සමඟ සාකච්ඡා කළ බවද ඒ මහතා සඳහන් කළා.

ඒ අනුව අදාළ චක්‍රලේඛය තාවකාලික ව අත්හිටුවා ඇති අතර ගුරු කාර්යක්ෂමතා කඩඉම් වැඩසටහනට අදාළ මොඩියුල සම්බන්ධයෙන් නුදුරේදී වැඩපිළිවෙලක් ඉදිරිපත් කෙරෙනු ඇති බවත් රාජ්‍ය යාන්ත්‍රණ තුළ ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බවයි.

එම ගැටලු නිරාකරණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් රජය කැපවන බව  නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.

බස්නාහිර පළාතේ රජයේ ගුරුවරුන්ට සිය පාසලේ දරුවන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් සහ ගුරු කාර්යක්ෂමතා කඩඉම් වැඩසටහන සම්බන්ධයෙන් පසුගිය දා නිකුත් කර තිබූ චක්‍රලේඛ පිළිබඳ ව ගුරු විදුහල්පතිවරුන් අතර දැඩි ආන්දෝලනයක් හටගෙන තිබුණා.